ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 60කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි මහතා පැවසීය.
අප්‍රේල් 11,12 හා 13 යන දිනවල ජනතාවට ගම්බිම් බලා යාම සදහා ශ්‍රී ලංගම බස්රථ ධාවනයට යෙදවීමෙන් එක් දිනකට රුපියල් කෝටි 20 බැගින් මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බව ඒ මහතා සඳහන් කළේය.
අවරුදු සමයේදී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 350 ක් පමණ ධාවනයට එක්කළ බවක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.