තවත් වටයක සත්ව සංගණනයක්

මෙරට සිටින වන වනසතුන් කළමනාකරණය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් සත්ව සංගණන කටයුතු අවසන් වීමෙන් පසුඑම සතුන් විදේශ රටවලට යවනවාද එසේත් නොමැති නම් වෙනත් කළමනාකරණයක් සිද්ධ කරනවාද යන්න සම්බන්ධයෙන් සලකා බලන බව කෘෂිකර්ම පශු සම්පත් වාරිමාර්ග අමාත්‍ යකේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ලෝකයේ බොහෝ රටවල එවැනි වන සත්ව කළමනාකරණයක් සිදු කරන බවත් ඔවුන් එවැනි දේ කරනුයේ සත්ව සංගණන සිදු කිරීමෙන් අනතුරුව බවයි. ඕස්ට්‍රේලියාව වැනි රටවල කැන්ගරුන් සම්බන්ධයෙන් එවැනි කළමනාකරණ සිදු කරන බවත් ඔවුන් නිවැරදි සංගණනයක් සිදු කිරීමෙන් අනතුරුව එවැනි කළමනාකරණයක් සිදු කරන බවද පැවසීය.

එහෙත් මෙරට තුළ කිසිදු වන සතෙක් පිළිබඳව සංගණනයක් සිදුකොට නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා පසුගියදා සිදුකළ සත්ව සංගණනය සම්පූර්ණ නිරවුල් සංගණනයක් වශයෙන් පිළිගත නොහැකි බැවින් තවත් වටයක සංගණනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

මෙරට තුළ මීට පෙර එවැනි කිසිදු ආකාරයක සත්ව සංගණනයක් හෝ කළමනාකරණයක් සිදු කොට නොමැති බව පැවසූ අමාත්‍යවරයා වනජීවී නිලධාරීන් සිටින්නේ වන සතුන් ආරක්ෂා කිරීමට බවද පැවසීය. සත්ව සංගණනය හමාර වීමෙන් රිලවුන් හෝ වෙනත් සතුන් පිළිබඳව කළමනාකරණය සිදුකිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *