අපරාධ දේපොළ පවරා ගන්නා පනතට පොහොට්ටුව පක්‍ෂයි

අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ  පනත සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පූර්ණ සහාය ලබා දෙන  බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ පනත් අවභාවිතා නොකොට භාවිතයට ගනීවි කියා අප සිතනවා. ඉතිහාසය පුරා ආණ්ඩු විසින් පනත් අවභාවිතයට ගත්තා.පොදු දේපොළ පණත ,ගිනි අවි පනත වගේ දේවල් අව භාවිතා කළ අවස්ථා අපි දන්නවා.උගන්ඩාවේ හංගලා තිබෙන බව කියන සල්ලි පවා මේ පනත භාවිතයට ගැනීමෙන් ගේන්න.

නලින් හේවගේ ඇමතිතුමා මුදල් ඇමති ඉස්සරහ තියාගෙන මාලිමා ආණ්ඩුවේ රට බාරගන්නා විට තිබුණේ ඩොලර් මිලියන විස්සක බව කියනවා.මේක සම්පූර්ණ බොරුවක්. මහ බැංකු වාර්තාව බලන්න.අනුර රට බාර ගන්න කොට ඩොලර් බිලියන හයක සංචිතයක් තිබුණා.නමුත් අද මාස හතටම වැඩිවී තිබෙන්නේ ඩොලර් මිලියන 150ක් විතරයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *