අමෙරිකාව පැනවූ ප්‍රතිචාරක බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
ඇමරිකාවේ ප්‍රතිචාරක බදු හේතුවෙන් පීඩාවට පත්වන මෙරට කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමට පූර්ව පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා ශුද්‍ර කුඩා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දෙලක්ෂ හැටතුන් දහසක් පසුගිය කාලයේදී වැසී ගොස් ඇතැයිද පෙන්වා දුන්නේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.