2024 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(3) වගන්තිය අනුව සෑම මුදල් වර්ෂයක්ම අවසන් වී සිව් මසක කාලයක් තුළ එම මුදල් වර්ෂය තුළ පැවති ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්තාවක් මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.
ඒ අනුව, 2024 වර්ෂය සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව ජනාධිපති වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.
එකී වාර්තාව මඟින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්රවණතා, මූල්‍ය පද්ධතියෙහි තත්ත්වය හා ප්‍රධාන වර්ධනයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, 2024 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.