කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට පරිසරය හදනවා

ශ්‍රී ලංකාවේ සියලු කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමටත් කාන්තාවන් සතු කුසලතා ඉදිරිපත් කිරීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීමට  රජය කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

කොළඹ කිංග්ස්බරි හෝටලයේදී IMRA පදනම විසින් සංවිධානය කරන ලද “IMRA විශිෂ්ටතා සම්මාන 2025” උළෙලට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය එසේ ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව පුරා විහි දී සිටින මුස්ලිම් කාන්තාවන්ගේ නොසැලෙන දායකත්වය අගය කරන අතර මෙවැනි කාන්තාවන් සඳහා ඔවුන්ගේ කුසලතා එළිදැක්වීමට මෙන්ම  විශිෂ්ටත්වය සඳහා යන ගමනේ ඔවුන්ගේ  කැපවීම සහ ධෛර්යය ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් ලබාදීම සඳහා IMRA පදනමේ දායකත්වය අගය කළ  යුතු බවත් ඇය පැවසුවාය.

නීති,සෞඛ්‍ය සේවා මෙන්ම අධ්‍යාපනය, මාධ්‍ය අංශ සහ ව්‍යවසායකත්වය දක්වා විවිධ ක්ෂේත්‍රවල රැකියාවේ නිරතව සිටින මෙම කාන්තාවන් අපගේ සමාජයේ සිටින සාමාන්‍ය පිරිසක් පමණක් නොවේ, ඔවුන්  එම ක්ෂේත්‍රවල අනාගත නිර්මාණකරුවන් බවත් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා අංශ ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල ව්‍යවසායකත්වයේ කැපී පෙනෙන නවෝත්පාදනයන් මෙන්ම කැපවීම් දැකිය හැකි බවත් ඇය සදහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *