පල්ලේකැලේ බෝගමිබර දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකු ඉතා සූක්ෂම ආකාරයට බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය පාර්සලයක් රැගෙන යාමට උත්සහා කළ අවස්ථාවේ අල්ලා ගත් බව බනාධනාගාර නිලධාරීහු පවසති.
අයිෂ් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 710 , හෙරොයින් ග්‍රෑම් 02 ,මිලිග්‍රෑම් 170 ක් සහ හෑෂ් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 210 අත් අඩංගුවට සැකකාර නියාමක සතුව තිබී ඇත.
මෙම බන්ධනාගාර නියාමකවරයා එම මත් ද්‍රව්‍ය සිය සිරුරේ රහස් පෙදෙසේ සඟවා බන්ධනාගාරයට රැගෙන යද්දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වැඩි දුර විමර්ශණ සඳහා පල්ලේකැලේ පොලිස් ස්ථානයට බාර දීමට පියවර ගෙන ඇත.
සැකකාර නියාමකවරයා කෑගල්ල පෙදෙසේ පදිංචි කරුවෙකි.