ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ වල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
යම්කිසි බස් සේවක කණ්ඩායමක් විසින් මෙම වාර ප්‍රවේශ පත්‍ර ලාභීන් රැගෙන යාම ප්‍රතික්ෂේප කලහොත් මණ්ඩලීය පිලිවෙත් අනුව දැඩි වරදක් බවද සියළු ප්‍රවේශ පත්‍ර ලාභීන් ශ්‍රී ලංගම බස් රථ වල ප්‍රවාහනය කළ යුතු බවට ඔවුන් දැනුවත් කර ඇති අතර යම් කිසි බස් සේවක කණ්ඩාමක් ප්‍රවේශ පත්‍ර ලාභීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි ගමනාගමන මණ්ඩලය කියයි.
මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශ පත්‍ර ලාභීන් ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය වෙත1958 දුරකථන මාර්ගය මඟින් දැනුවත් කරන ලෙස දන්වන බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් කියයි.