විදුලි සැපයුමේ ජාල ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉක්මන් සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම මස 9 වැනිදා රටපුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව අවදානය යොමු කර මෙම ක්‍රියාමාර්ග ගන්නා බව ද එම මණ්ඩලය කියයි.
එම විදුලිය විසන්ධි වීම සහ අනාගත සිදුවීම් වලක්වාගැනීම සඳහා ඉක්මන් සහ දිගු කාලීන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇති වූ සිද්ධියක් හේතුවෙන් පද්ධතිය පුරා ඇති වූ දෝෂයක් හදිසියේ ඇති විය.
එම කඩාවැටීම වන විට විදුලි ඉල්ලුමෙන් සියයට 50 ක් පමණ වූ මෙගාවොට් 800 ක් සූර්ය බලයෙන් ද, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් මෙගාවොට් 470 ක් සහ ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 130 ක් සපයා තිබූ බවත් එම මණ්ඩල කියයි.
සූර්ය විදුලි උත්පාදනය ඉහළ යෑම හේතුවෙන් විදුලි නිස්පාදනය සහ ඉල්ලුම අතර අසමතුලිතතාවක් ඇතිවීමෙන් පද්ධතිය අක්‍රීය වූ බව ද විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම තත්වයට විසඳුම් ලෙස කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් දෙන බව ද පවසන එම මණ්ඩලය ලංකා විදුලිබල මණ්ඩල මෙවැනි දේවලින් මහජනතාව අපහසුතාවට පත්වන බව පිළිගන්නා බව ද පවසයි.