ඉන්ධන බදු ඉක්මනින්ම අඩු කරනවා

ඉන්ධන මත පනවා ඇති බදු  ඉක්මනින්ම අඩු කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස   මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ  දයාසිරි  ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරියේදී  ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා තෙල් සංස්ථාව පාඩු වුණේ  කෙසේදැයි  එහිදී තොරතුරු  හෙළිදරව් කරන  බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *