නවික හමුදා අවි ගබඩාවෙන් අවියක් පැන්නූ සෙබළා අල්ලයි

කොළඹ වරාය රන්වල නාවික හමුදා අවි ගබඩාවෙන් සොරාගත් ටි 56 ගිනි අවියක් සමඟ නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මූලස්ථානය කියයි.

ලද තොරතුරකට අනුව නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් කුලියාපිටිය පොලිසියේ නිලධාරීන්ගේ සහය ඇතිව ගල්පොළ ජනපදය ඉලුක්හේන ප්‍රදේශයේ පිහිටි නාවික හමුදාවට අනුයුක්ත සේවය කරනු ලබන සෙබලෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය හමුවී ඇත.

සැකකාර සෙබළා 2021 වසරේදී කොළඹ වරාය රන්වල කඳවුරට අනුයුක්තව අවි ගබඩාව භාරව කටයුතු කළ සෙබලා බවත් එම කාලයේදී මෙම ටි 56 ගිනි අවිය අස්ථානගත වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා ගිනි අවිය සමඟ වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් නාවික හමුදාව විමර්ශනවලින් පසු වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිස් මූලස්ථානය වෙත භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාවේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *