සජබෙන් දිස්ත්‍රික් නායකයන් හතක්

සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ.

ඒ අනුව ගාල්ල, කුරුණෑගල, මාතලේ, කළුතර, පුත්තලම, ගම්පහ,සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නව පත්කිරීම් සිදුකර ඇත.

මාතලේ රෝහිණී කුමාරි, පුත්තලම හෙක්ටර් අප්පුහාමි, අනුරාධපුර රෝහණ බණ්ඩාර, ගාල්ල ගයන්ත කරුණාතිලක, ගම්පහ හර්ෂණ රාජකරුණා, කුරුණෑගල නලීන් බණ්ඩාර, කළුතර අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්එම පත්වීම් ලිපි බාරදී ඇත.

මෙම අවස්ථාවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *