USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායක වරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇමරිකා තානාපතිනිය ජුලී චන්ග් මහත්මිය මුණ ගැසී පැවසීය.
කොළඹ නෙළුම් මාවතේ පොහොට්ටු කාර්යාලයේදී ජුලී චන්ග් සහ නාමල් රාජපක්ෂ හමුව සිදුවිය.
මෙම හමුව සඳහා පක්ෂයේ ජාතික සංවිධායක ගරු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, ජාතික කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක, සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සී.බී රත්නායක, සංජිව එදිරිමාන්න සහ ජයන්ත කැටගොඩ යන මහත්වරු සහභාගී වූහ.