අයවැයට යෝජනා 14ක් ඉදිරිපත් කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබේ.
- රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ අත්සනින් අදාල ලිපිය යොමු කර ඇත.
- ජාත්‍යාන්තරවද වෘත්තීයක් ලෙස පිළිගත් හෙද සේවාව සුවිශේෂී වෘත්තීමය වැටුප් තලයක පිහිටුවීම
- හෙද සේවාව දීප ව්‍යාප්ත සංවෘත සේවාවක් බවට පත් කිරීම,හෙද විදුහල් ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත හෙද විශ්ව විද්‍යාලය කඩිනමින් ස්ථාපිත කිරීම හා ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම
- කොළඹ හෙද පීඨයේ ඉදිකිරීමට යෝජිත පරිපාලන හා අධ්‍යන ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම
- යෝජිත හෙද විශ්ව විද්‍යාලයට ගැලපෙන පරිදි හෙද විදුහල් සංවර්ධනය කිරීම සඳහා සියපු හෙද විදුහල් වලට ප්‍රතිපාදන වෙන් කිරීම
- ජීවන වියදම වැඩිවීමට සරිලන ලෙස සියළු රජයේ සේවකයන්ට රු.200000/- ක වැටුප් වැඩිවීමක් ලබාදීම, සෞඛ්‍ය සේවාවේ දීමනා ලබාදීමේ විෂමතාවය විසදීම පිණිස පෙර සෞඛ්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩල අරගලය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය හා භාණ්ඩාගාරය එකඟ වූ දීමනාවෙහි ඉතිරි කොටස ලබාදීම
- උපාධියට ලබාදුන් වැටුප් වැඩිවීම දෙගුණයක් බවට පත්කර ඒ උසස්විම් වලදී වැටුපට ගැලපිය හැකි ආකාරයට ගෙවීමට ප්‍රතිපාදන ලබාදීම
- ආර්ථික අර්බුදය හමුවේ නවතා තිබු යතුරු පැදි ලබාදීම
- මහජන සෞඛ්‍ය හෙද සොයුරියන්ට, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ට කඩිනමින් ලබාදීමට ප්‍රතිපාදන වෙන් කිරීම
- හෙද සේවාවේ අනුමත සේවක සංඛ්‍යාවන් යාවත්කාලීන කිරීම
- හෙද නිලධාරීන් ලබාගන්නා විශේෂ ඩිප්ලෝමා සඳහා දිරි දීමනාවක් ලබාදීම
- විදේශ විනිමය ගැටළුවට විසදුමක් ලෙස ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පවතින හෙද සේවාව සඳහා අදාල රටවල භාෂාවන් (උදා- ඉංග්‍රීසි, ජර්මනි, ජපන්) පුහුණුව ලබා දිමත් විදේශ ගත කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම හා ඒ සඳහා ප්‍රතිපාදන ලබාදීම
- හෙද සේවාවේ පශ්චාත් උපාධි ආචාර්ය උපාධිධාරීන් සඳහා දිරි දීමනාවක් ලබාදීම
- උපයන විට බදු ආදායම් සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දමා වෘත්තිකයන්ට සහනයක් ලබාදීම
හෙද නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා වේ.


