රටතුළ ක්‍රියාත්මක වන සහ පසුගිය දිනවල සිදුවූ අපරාධ විසදාගැනීම සදහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශයක් පිහිටු වන බව පොලිස් මූලස්ථානය පවසයි.
නීති විරෝධී වත්කම් විමර්ශන අංශය, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය, පරිගණක අපරාධ විමර්ශන අංශය, තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය, අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ අංශයත් වශයෙන් අංශ 6 ක් එම කාර්යාංශය යටතේ ක්‍රියාත්මක වේ.
මෙම විමර්ශන අංශවලින් මේවනවිටත් සිදුකෙරෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකෙරෙන අතර යම් විමර්ශනයක තිබෙන බරපතළකම සලකා බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හෝ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් එහි විමර්ශන සිදුකෙරෙන්නේ ද යන්න පිළිබදව වැඩබලන පොලිස්පතිවරයා තීරණය කරනු ලැබේ.
කෙසේ වෙතත් පොලිසියේ පාලන ව්‍යුහය විමධ්‍යගත කිරීමේ අරමුණ වනුයේ මෙතෙක් ක්‍රියාත්මක වූ විමර්ශන කටයුතු ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කර අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම බවද පොලිස් මූලස්ථානය පවසයි.