පුංචි ඡන්දෙ ගැන විවාදය අය වැය දා හවස

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන සඳුදා(17) පස්වරු 2.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

එම පනත් කෙටුම්පතට අදාළව විපක්ෂය විසින් ගෙනෙනු ලබන සංශෝධන  17 වැනිදා පෙරවරු 10.00 ට පෙර ලබාදීමටද එකඟත්වය පළවී ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවරණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීම අවශ්‍ය බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *