ට්‍රම්ප්ගේ USAID තහනමට අධිකරණය හරස් වෙයි

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සේවකයන් 2,200ක් වැටුප් සහිත නිවාඩු මත තැබීම සඳහා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් විධායක නියෝගයට ඇමෙරිකන් අධිකරණයක් හරස් වී ඇත. ඒ, එම විධායක නියෝගයකට තාවකාලික තහනමක් පනවමිනි.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, දහස් ගණනක් කාර්යමණ්ඩලය නිවාඩු තැබීමේ සැලැස්ම අභියෝගයට ලක් කරමින්, වෘත්තීය සමිති විසින් ගොනු කරන ලද නඩුවක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තහනම් නියෝග නිකුත් කෙරුණු බවය.

එක්සත් ජනපද රජයේ ප්‍රධාන විදේශ සංවර්ධන අංශය වන එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියට සම්බන්ධව පුද්ගලයන් 10,000 ක් පමණ සේවය කරන අතර, ඔවුන්ගෙන් තුනෙන් දෙකක් විදේශයන් හි සේවය කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *