කොල්ලුපිටියේදී විදෙස් කතක් හදිසියේ මරුට: තවත් යුවළක් රෝහලේ

කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පොළක නවාතැන්ගෙන සිටි විදේශ ජාතික කාන්තාවක සහ යුවළක් හදිසියේ  ඇතිවූ වමනය තත්ත්වයක් හේතුවෙන් ඊයේ  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එංගලන්ත ජාතික කාන්තාවක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

මෙසේ මියගොස් ඇත්තේ එංගලන්ත ජාතික 24 හැවිරිදි කාන්තාවක බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීහු සහ අධිකරණ වෛද්‍ය නිලධාරී එම ස්ථානයට පැමිණ විමර්ශන සිදුකරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *