2024(2025) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාල සටහන විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
ඒ අනුව මාර්තු 17 දා ආරම්භවී දින නවයකදී පැවැත්වෙන මෙම විභාගය මාර්තු 26 දා අවසන්වේ.
මෙම විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.