වැඩි මිලට සහල් වික්ක 20කට නඩු

සහල් වැඩි මිලට අළෙවි කරන වෙළෙදුන් සොයා කොළඹ දිස්තික්තය තුළ කළ වැටලීම් මාලාවකදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙදුන් 20 කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.

සහල් සඟවාගෙන සිටි සහ කල්ඉකුත් වූ සහල් ගබඩාකරගෙන සිටි වෙළෙඳුන් ද මෙහිදී විමර්ශන නිලධාරීන් සොයාගත් බවත් විහේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් මෙම මෙහෙයුමට සහභාගි වූ බවත් ඒ මහතා කීය.

බොරැල්ල, නුගේගොඩ, වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, මොරටුව, බත්තරමුල්ල, කොහුවල, බොරගැස්ගමුව, කොළොන්නාව, වැල්ලම්පිටිය, කකඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, පාදුක්ක සහ ගොඩගම යන ප්‍රදේශ කේන්ද්‍රකරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ද සමරකෝන් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *