රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත.
මේ අනුව සාත්තු සේවකයන්ගේ නිල ඇඳුමට CAREGIVER යන ලොව පිළිගන්නා නිල ලාංඡනයද ඉදිරියේදී එක් වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් උපස්ථායකයන්ගේ සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයිද මෙල් මහතා පවසන්නේ මෙම නිල නාමය සහ ලාංඡනය හඳුන්වා දීමෙන් පසු ශ්‍රී ලංකාවේ සාත්තු සේවක සේවිකාවන් ජාත්‍යාන්තරව පිළිගන්නා සේවක කණ්ඩායමක් බවට පත්වන බවයි.