වෙහෙරගල -ලුණුගම්වෙහර වාන් දොරටු විවෘත කරයි -අවදානෙන් ඉන්න

අධික වැසි සහිත කාලගුණයෙන් වෙහෙරගල ජලාශය සහ ලුණුගම්වෙහෙර ජලාශය ජලධාරිතාව ඉහළ ගොස් ඇති  හෙයින් එම ජලාශ දෙකෙහි පිට වාන් දොරටු විවෘත කිරීමට සිදුවූ බව ජලාශභාර වාරි ඉංජිනේරු ඩිලාන් වර්ණකුලසූරිය මහතා පවසයි.

මේ හේතුවෙන් මැණික් ගඟ සහ කිරිඳි ඔය ජල මට්ටම ඉහළ යා හැකි බැවින් දිය නෑමෙන් සහ ජලාශ පරිහරණය කිරීමෙන් වළකින ලෙසත්, ඉවුරු ආශ්‍රිතව පදිංචි කරුවන් වෙතොත් ප්‍රවෙිශම් වන ලෙසත්  ඒ් මහතා ඉල්ලීමක් කරයි.

වෙහෙරගල ජලාශයේ වාන්  දොරටු හතරක් අඟල් තුන බැගින් විවෘත කොට ඇති අතර ඉන් තත්පරයකට ඝණ අඩි 500 ක් මැණික් ගඟට මුදාහැරෙන බව කියයි.

ලුණුගම්වෙහෙර ජලාශයේ පිට වාන් දොරටු හතරක් අඟල් අට බැගින්ද, දොරටු දෙකක් අඟල් හතර බැගින් ද  විවෘත කල බවත්, මින් තප්පරයකට ඝණ අඩි 3000 ක් පමණ කිරිඳිඔයට මුදා හැරෙන බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *