මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් විෂයෙහි ඉටු කරන්නට නියමිත සාම්ප්‍රදායික සිරිත් සම්මත සතර මහා මංගල්‍යයන් අතුරෙන් වසරේ ප්‍රථම මංගල්‍යය වන අලුත් සහල් මංගල්‍යය දුරුතු පොහෝ දින ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරුණි.
ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර අස්ගිරි විහාර වංශික මහියංගන රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක හිමියන් ප්රමුඛ තේවාව භාර හිමිවරුන්ගෙ ප්‍රධානත්වයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු තේවා කටයුතු භාර ගිහි නිලකරුවන්ගේ සහභාගිත්වයෙන් එම මංගල්‍යය සිදු කෙරුණි.