ආශු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයැදුම්පත්  තුනක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙතින් ආශු මාරසිංහ මහතා අදාල තොරතුරු ඉල්ලා ඇත.

2024 මහ මැතිවරණය මත තේරී පත්වූ මන්ත්‍රීවරු 225 දෙනා ලබා දී ඇති අධ්‍යාපන සුදුසුකම් රැකියාව හා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස ආශු මාරසිංහ මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරන ලද අයැදුම් පත්‍රයේ සඳහන් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *