ඉන්දීය මහකොමසාරිස් අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්ටොංෂ් ජා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක්  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

මෙම හමුව අසල්වැසි රටවල් දෙක අතර දිගුකාලීන මිත්‍රත්වය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කරන්නක් විය.

දැනට සංවර්ධනයේ විවිධ අදියරවල පවතින ද්විපාර්ශ්වික ව්‍යාපෘති රාශියක ප්‍රගතිය පිළිබඳව මෙම හමුවේදී  සාකච්ඡා කෙරිණ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් බී.ඩබ්ලිව්.ජී.සී.  සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු කලාපයේ  රාජ්‍ය තාන්ත්‍රික අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව යන මහත්ම මහත්මීහු සහ ඉන්දියානු මහ කොමසාරාස් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්   මෙම හමුවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *