ක්‍රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරා සියලුම ක්‍රීඩාව රැගෙන යාමේ සැළසුම් 2025 ජනවාරි මාසේ මුල් සතියේ ආරම්භ කරන බවත් ඒ අනුව 2028 වසර ඔලිම්පික් බලාපොරොත්තු තබාගත හැකි වසරක් ලෙස බලාපොරොත්තුවක් තැබිය හැකි බවත් නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසීය.
ජාතික දුන්නෙන්විදීමේ ශූරතාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා එසේ පැවසීය.
රටේ ක්‍රීඩාව එකතැන පල්වීමට අවස්ථාව නොදී ක්‍රීඩා සමාජ තුළ තිබෙන ප්‍රශ්න කඩිනමින් නිරාකරණය කරන බවත් ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකි ලස්සන රටක් තුළ පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික මෙහෙවර ආරම්භ කර ඇති බවත් තිලකරත්න මහතා කීය.
දුන්නෙන්විදීමේ ක්‍රීඩාව වගේම අපේ රටේ සියළුම ක්‍රීඩා ජාත්‍යතර ජයග්‍රහණ කරා රැගෙන යාමේ වගකීම් ක්‍රීඩා අමාත්‍යංශය සතු මෙන්ම 2028 වසර ඔලිම්පික් බලාපොරොත්තු තබාගත හැකි වසරක් කළයුතු බවත් ලස්සන රටක් පොහොසත් රටක් තේමාව ක්‍රීඩාව තුළින් යථාර්තයක් බවට පත් කිරීමට සියලු දෙනා එකතු වියයුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා වැඩි දුරටත් පැවසීය.