කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකු හදිසියේ ඇතිවූ බව කියන අසනීප තත්ත්වයක් හේතුවෙන් එම කාර්යාලයේ විවේකී කාමරයේදී මියගොස් ඇති බව නාරාහේන්පිට පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ (38) නැමැති කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙස කටයුතු කළ අයෙකි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා සකස් කිරීමේ රාජකාරි කටයුත්තක් සදහා ඒ මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඔහුගේ කාර්යාලයට පැමිණ රාජකාරී කර ඇති අතර පසුව ඒ අසල පිහිටි විවේකී කාමරයේ සිටියදී පෙරේදා (7) රාත්‍රී මෙසේ මියගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා මියගොස් සිටි ස්ථානයේ ලේ වමනය වැනි යමක් තිබී හමුවී ඇති බවද පොලිසිය පවසයි.
දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි නාරාහේන්පිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.