‘ඇමතිවරු, මන්ත්‍රිවරුන් එනවා කියලා මින් පස්සේ කිසිම රැස්විමකට අනවශ්‍ය වියදමක් කරන්න ඒපා. මගේ සියලුම උත්සව වල වියදම අඩු කරන එක ගැන ආයතන දැනුවත් කරන්න සුදානමින් ඉන්නේ. අපිට වි.අයි.පී.පුටු ගෙන්න ඒපා අනිත් අය වාගේ අපිටත් ප්ලාස්ටික් පුටුවක ඉදගන්න පුළුවන් අය’ යැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමති චන්දන අබේරත්න මහතා පැවසිය.
ඇමතිවරයා මේ බව පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය වෙනුවෙන් ආණමඩුව සුදම්පාය ශාලාවේ සංවිධානය කර තිබු රැස්විමකට එක්වෙමිනි.
වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසුරීය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රාජ්‍ය සාහිත්‍ය උත්සවය පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා ඇතුළු පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කර තිබුනී.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා අපිට මේ ආණමඩුව නුහුරු තැනක් නොවේයි.මේ ගහ කොළ වැව් අතීතයෙ සුන්දර තැනක්.ඒ නිසා ඒ පරිසරයෙ හැදි අපි කොච්චර ඉහල තනතුරු වලට ගියත් අපි හිටපු අතීතය අපිට අමතක කරන්න බැහැ.
ඒ නිසා අපිට ඕනෑම දෙයක් උත්සව වලට අනවශ්‍ය වියදම් කර ලොකුවට කරලා මුදල් නාස්ති කරන්න මම කැමති නැහැ.මම ඉදිරියෙදී සියලු ආයතන දැනුවත් කරනවා මම සහභාගි වන කිසිම උත්සවයක් සදහා කිසිදු ආකාරයෙ අනවශ්‍ය වියදම් කරන්න ඒපා කියලා.
මෙම සාහිත්‍ය උලේලේදී පුත්තලම දිස්ත්‍රික්කයෙ රේක්ස් හැරිසන්,විලමසේන නම්මුනී.පද්මා කුමාරි ,ප්‍රනාන්දු පුල්ලේ යන මාධ්‍යවේදින් සිව් දෙනෙකු ඇතුළු විවිධ කේෂත්ර වල දක්ෂතා දැක්වු 11 දෙනෙකුට කලාදීනි සම්මානය පිරිනැමිම සිදුවිනි.