‘ජාතික ලැයිස්තුවට ඕනෑම කෙනකු පත් කරන්න පුළුවන්‘

පක්ෂ ලේකම්වරයාට ජාතික ලැයිස්තුවෙන්  ඕනෑම අයකු  පත් කිරීමට මැතිවරණ පනත  අනුව හැකියාව ඇති  බව නීති විශාරදයන් ගණනාවක්  සමගි ජන බලවේගය සහ  ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  නායකයන්ට  දැනුම්දී ඇත. නීති විශාරදයන් මෙම දැනුම් දීම කර ඇත්තේ  මේ පිළිබඳ නීතිමය තත්වය   සම්බන්ධයෙන්  එම දේශපාලන පක්ෂ   කළ  කරැණු විමසීමක්  අනුවය.

පනතේ  කිසිම වගන්තියකින් කිසිම අයකු ජාතික ලැයිස්තුවට පත්කිරීම බැහැර කර නැති බවත්  ජාතික ලැයිස්තුවට  එ් වෙනුවෙන්  නම් කර ඇති 29දෙනාගෙන් සහ මැතිවරණයට තරග කළ අයගෙන්  පමණක් තෝරාගත යුතු බවට මැතිවරණ කොමිසම නගන තර්කය පිළිගත නොහැකි බවත්   එම  නීති විශාරදයන්  පෙන්වාදී ඇත.

පක්ෂ ලේකම්වරයා නම් කරන ඕනෑම  අයකු පත් කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බවත්  ගැටලුවක් තිබේ නම් එය අර්ථ නිරූපණය කිරීම අධිකරණයට බාර කටයුත්තක්  බවත්   එම නීති විශාරදයන්   වැඩිදුරටත්  පවසා  අැත

සමග ජන බලවේගයේ තව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර  හතරක් සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් මන්ත්‍රී ධූරයක්  තවමත් පුරප්පාඩුවී පවතී. එම ජාතික ලැයිස්තුවලට විවිධ පාර්ශ්ව වලින් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත්වීම හේතුවෙන්  ඒවා පත් කිරීම මෙසේ ප්‍රමාද වී පවතින බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *