අසත්‍ය වීඩියෝ අන්තර් ජාලයට දැමූ තරුණයෙක් රිමාන්ඩ්

රජයට විරුද්ධව මහජන විරෝධතාවය ඇතිවන ආකාරයට උතුරේ ද්‍රවිඩ ඊලාම් විරුසැමරුම් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදිවු අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහල බද්දේගම කිරිබතාවිල ප්‍රදේශයේ තරුණයකු 03 අඟහරුවාදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රියා දිසානායක යසරත්න මහත්මිය නියෝග කළාය.

මෙසේ බන්ධනාගාරාගත වූයේ බද්දේගම පදිංචි අවුරුදු 28 ක තරුණයෙකි.

සැකකරු අපරාධ විමර්ශන දෙපාරතුමේන්තුවේ පරිගණක අපරාද විමර්ශන අංශය (දකුණු පළාත්) විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

නීතීඥ ලසන්ත විජේනායක , නීතීඥ නුවන් සෙනවිරත්න , නීතිඥ ලීලානන්ද ඩයස් යන මහත්වරු සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *