ඉදිරියට අනුරගේ අත්සනින් මුදල් නෝට්ටු එන්න පුළුවන් – ඒවා අලුතින් මුද්‍රණය කරන සල්ලි නෙවෙයි

ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව මුදල් නොට්ටු මුද්‍රණය වන බවත්, එය සමාන්‍ය ක්‍රියාවලියන් මිස අලුතින් මුද්‍රණය කිරීමක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

“මහ බැංකුව පරණ නෝට්ටු විනාශ කරලා අලුත් නෝට්ටු ප්‍රින්ට් කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ මේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න අලුත් මුදල් ප්‍රමාණයක් එකතු කරනවා නෙවෙයි. අර පරණ ​නෝට්ටු විනාශ කරනවා.ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් මුදල් නෝට්ටු එන්න පුළුවන්. ඒත් ඒ සාමාන්‍ය ක්‍රියාවලියක්. නැතිනම් අලුතින් මුද්‍රණය කරන සල්ලි නෙවෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *