‘‘වෘත්තිය සමිති අවශ්‍ය නැති යුගයක් නිර්මාණය කරනවා‘‘

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා කැස්බෑවේදි පැවසීය.

කැස්බෑව බෝකුන්දර අද සවස පැවති ජන හමුවක් අමතා ඒ බව පැවසු නිපුනාරච්චි මහතා එහිදී මෙසේද කිය.

පසුගිය කාලයේ දේශපාලකයන් අතින් විනාශ වී ගිය මේ රට අපිට හදන්න වෙලා තියෙනවා අපි ඒ රට හදනවා. ඉස්සර ගුරුවරු විදුහල්පතිවරු අනධ්‍යයන කාර්ය මණ්ඩලය පොදු ප්‍රවාහන සේවය දොස්තරලා නර්ස්ලා ,ඇටෙන්ඩිලා වරින් වර ස්ට්‍රයික් කළා.

අද මං කිව්වා කියලා හිතාගන්න ඒ ස්ටුයික් ඉතිහාසය නැති වෙනවා කාටද ස්ටුයික් කරන්නෙ. තව කාලයක් යන කොට අපිමේ පක්ෂය පැත්තකින් තියල වෘත්තීය සමිති විසුරුවා හරිනවා. මොකටද වෘතීය සමිති ඕන නෑ.

හෙට උපදින දරුවන්ට කවදා හරි දවසක කියලා දෙන්න වෙනවා පුතේ ස්ටුයික් එකක් කියන්නේ මේකයි ඇඳිරි නීතිය කියන්නේ මේකයි කියල දෙන්න වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *