පාර්ලිමේන්තු ක්‍රමවේදය සරසවි විෂය නිර්දේශයට

පාර්ලිමේන්තු ක්‍රමවේදය විශ්ව විද්‍යාල පහක විෂය නිර්දේශයන්ට ඇතුළත් කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තු ක්‍රමවේදය දේශපාලන විෂයට කෙටි පාඨමාලා ලෙස මෙලෙස ඇතුළත් කළ බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර  මහත්මිය පැවසුවාය.

යාපනය කොළඹ රජරට අග්නිදිග සහ නැගෙනහිර විශ්ව විද්‍යාල පහක විෂය නිර්දේශයන්ට පාර්ලිමේන්තු ක්‍රමවේදය මෙසේ ඇතුළත් කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තු ක්‍රමවේදය අනෙකුත් විශ්ව විද්‍යාලයන්හි විෂය නිර්දේශයන්ටද ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය කීවාය.

මේ අතර පාර්ලිමේන්තු ක්‍රමවේදය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද අරඹා ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ  කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *