රේගුවෙන් ඇල්ලූ වාහන 637 ක් ධාවනයට නුසුදුසු වන ලෙස දිරන්න ඇරලා

ශ්‍රී ලංකා රේගුව මගින් අත් අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මෙම වාහනවලින් 435 ක් රේගුව, පුද්ගලික සමාගමකින් කුලියට ලබාගෙන ඇති මට්ටක්කුලියේ පිහිටි ඉඩමකද, අනෙක් වාහන 202 රුහුණුපුර වරාය බිමේද රඳවා ගාල්කර තිබෙන බව විගණන කාර්යාලය රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඉකුත් වසර වෙනුවෙන් නිකුත්කළ විගණන වාර්තාවක සඳහන් වේ.

මෙරට විනිමය වැයකර මෙරටට ගෙන්වා වසර පහකට අධික කාලයක් ගත්වී ඇති වාහනද සහිත මෙම වාහන තොගය දිගු කලක් තිස්සේ මෙලෙස දිරාපත් වීමට ඉඩහැර තිබීමෙන් වෙන්දේසියකින් සාධාරණ මුදලක් ඉපයීමට නොහැකි තත්ත්වයක් උදාවන බවද විගණනයෙන් පෙන්වා දෙයි.

මෙයින් බොහෝ වාහන සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පවත්වන බව රේගුවේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට දන්වා ඇති අතර මෙම වාහන සම්බන්ධ කටයුතු කඩිනමින් සිදුකර අවසන් කරන ලෙස විගණනයෙන් රේගුවට නිර්දේශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *