LK reports news sinhala

දුම්රිය සේවකයන් දිරිමත් කරන්න අලුත් වැඩක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දිරිමත් කිරීම සඳහා දුම්රිය සේවකයන්ට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබාදීමට ප්‍රවාහන,මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

දුම්රිය සේවකයන්ගේ අභිමානය වැඩි කිරීමටත්, කාර්යක්ෂමතාව ඉහළ තත්ත්වයට ගෙන ඒමටත් මෙමගින් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කීය.

මේ හරහා රටේ ආර්ථිකයටද යම් බලපෑමක් කිරීමට හැකි වෙතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *