හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වෙඩි වැදී මරුට

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය  අමාත්‍යවරයෙකුගේ  පුද්ගලික  ලේකම්වරයෙකු ලෙස කලක් තිස්සේ කටයුතු කළ අයෙකු වෙඩි වැදීමෙන් ලත් බරපතළ තුවාල හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ(20)වැනි දා මරණයට පත්ව තිබෙව බව රෝහල් ආරංචි මාර්ග සහ මහනුවර පොලිසිය  සඳහන් කරයි.

මෙම පුද්ගලයා මහයියාව පෙදෙසේ දී මෙලෙස වෙඩි වැදීමකට ලක්ව තිබෙන බවත්  ඔහු වෙඩි තබාගත්තේද  යන්න  මහනුවර පොලිසිය  පරීක්ෂණ පවත්වන බවත් මේ සම්බන්ධව කළ විමසීමක දී මහනුවර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ  බණ්ඩාරනායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *