කෝටි 25ක අයිස් කටුනායකදී මාට්ටු

රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ .

මොහු කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි  35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙසේ පැමිණි මෙම පුද්ගලයා , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරීත මාවත  (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටිය දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 179 ක ප්‍රමාණයක් , තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන තිබියදී  රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .

අත් අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ගුවන් මගියා , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *