භාර දී තියෙන්නේ නිල නිවාස 14යි

හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඒවායේ හිඟ විදුලිබිල් පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.

එම අමාත්‍යංශය පැවසන්නේ සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස යළි භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

එවක අමාත්‍යවරුන් 28 දෙනෙකුට නිල නිවාස නිකුත් කර තිබී ඇති අතර ඒ අනුව රජයේ නිල නිවාස හැකි ඉක්මනින් භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළිත් සිහි කැඳවිම් කළ බවද එම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශය කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *