පිළිකා දිනෙන් දින හිස ඔසවයි

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

එම වසරේදී පිළිකා නිසා මරණ 19000ක් වාර්තා වී ඇති බව කී මහීපාල මහතා පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බවත් සඳහන් කළේය.

2015 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 70%ක වැඩිවීමක් අපේක්ෂා කරන බවද පාලිත මහීපාල මහතා කීය.

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාර සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් පාලිත මහීපාල මහතා මේ බව කීය. කොළඹ ගලධාරී හෝටලයේදී මෙම උත්සවය පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *