පසුගිය රජයේ ව්‍යාපෘති තුනක් ජනපති අනුර අත්හිටුවයි

පසුගිය රජය මගින් ජනාධිපති කාර්යාලය හරහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති තුනක් අත්හිටුවීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

මේ අනුව විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය, සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපත කිරීම උදෙසා වන ජාතික ජන සභා ලේකම් කාර්යාලය හා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අත්හිටුවීමට නියමිතව තිබේ.

අදාළ වැඩසටහන් මගින් අපේක්ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින හෙයින් එම වැඩසටහන් නවත්වා තිබේ.

එසේම එම ව්‍යාපෘති වෙනුවෙන් බඳවාගෙන තිබු නිලධාරීන්ගේ හා උපදේශකයින්ගේ සේවයද පසුගිය 30 දා සිට අත්හිටුවීමටද කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *