චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන්  බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

එම චීන යුද නැව  පැමිණීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට බලපෑමක් නොවන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.

මීට පෙර ඇමරිකා, ඉන්දියා, ජර්මන් යුද අභ්‍යාස නෞකා ලංකා මුහුදු සීමාවට පැමිණ තිබෙන්නේ යැයි ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විජිත  හේරත් මහතා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *