නිමල් පිල ගෑස් සිලින්ඩරයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන්  තරඟ කිරිමට  තීරණය කර ඇත.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව  ඒකමතිකව  ගත් තීරණයක්  අනුව  එම පියවර ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාද සිල්වා මහතා පැවසීය.

එහෙත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණවලදී පුටුව  ලකුණ  අයත් පොදු ජන එක්සත් පෙරමුණ යටතේ තර්ක කරන බවද ඒ මහතා කීය.

පක්ෂ මූලස්ථානයේ ඊයේ (04) සවස පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාවපතිවරයා ඒ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *