ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තරඟ කරන බව එම පක්ෂය කියයි.

මේ අනුව උතුරු නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්ක වලට සහ කොළඹ දිස්ත්‍රික්කයට මෙවර නාමයෝජනා ලබා දීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂය ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක ටි පුෂ්පරාසා මහතා පැවසීය.

මහ මැතිවරණය සඳහා අවශ්‍ය නාමයෝජනා සකස් කිරීම මේ දිනවල සිදු කරගෙන යන බවද තම පක්ෂය සන්ධාන ගත වීමක් සිදු නොවන බවද  ඒ මහතා කීහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *