වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7

කරුවලගස්වැව ප්‍රාදේශීය  ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය කළ පිංකම් මාලාවක එක්දිනක රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන රුපියල් හත්ලක්ෂ දසදහසක මුදලකට වෙන්දේසි වී තිබේ.

එම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත මූණමල්ගස්වැව අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම පිංකම් මාලාව සංවිධානයකර ඇත.

ඒ අනුව ඉකුත් 27 හා 28 දෙදින රාත්‍රී මෙම පිංකම් මාලාව පවත්වා ඇති අතර එහි අවසාන දිනය වූ 28 දා රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන (මල්වට්ටිය) මෙසේ වාර්තාගත මුදලකට වෙන්දේසි වූ බව විහාරාධිපති රාජකීය පණ්ඩිත මූණමල්ගස්වැවේ අනුරුද්ධ හිමියෝ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *