ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන අගමැතිනියගෙන් විමර්ශනයක්

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම පිළිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් සකසන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට පැවසීය.

ස්වාධීන විශේෂඥයන්ගේ දායකත්වයෙන් එම විමර්ශනය සිදු කරන ලෙසද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක් බවත් නව රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට තීරණය කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී කීවාය.

අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට කටයුතු කළ යුතු යැයිද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *