අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි – රනිල් – සජිත් – අනුර – නාමල් කොළඹට

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැළිය ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය පැවැත්වෙන්නේ මරදාන ටවර් හෝල් රඟහල ඉදිරිපිටදීයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨය අසලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය පැවැත්වෙන්නේ පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේදීයි.

එම අවසන් ජන රැළි ඇමතීමට පෙර එම ජනාධිපති ධූර අපේක්ෂකයින් අද දිනයේදී තවත් ජන රැළි කිහිපයක් ඇමතීමට ද නියමිතව තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැළි පැවැත්වීම හේතුවෙන් කොළඹ නගරය, නුගේගොඩ හා පිලියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ එම ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක වන බවයි පොලිසිය පැවසුවේ.

ඊට අදාළ සම්පූර්ණ රථ වාහන සැලැස්ම පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *