ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කරන්න මෙහෙයුම් මැදිරියක්

2024 ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කිරීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව  ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

නව පොලිස් මූලස්ථානයේ 09 වන මහලේ ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මැදිරිය මගින්  ජනාධිපතිවරණ දිනය ,පෙර දින මෙන්ම පශ්චාත් මැතිවරණ සමය තුළ සිදුවන විශේෂ සිදුවීම් වාර්තා කර අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම සඳහා තොරතුරු ගලායන ජාලයක් පවත්වා ගන්නා බව පොලීසිය කියයි.

ත්‍රිවිධ හමුදා මාණ්ඩලික නිලධාරීන්, පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් මෙම මෙහෙයුම් මැදිරියේ රාජකාරි සඳහා අනුයුක්ත කර   දිවයින පුරා පොලිස් ස්ථාන, ඡන්ද මධ්‍යස්ථාන, බුද්ධි නිලධාරීන් හා සම්බන්ධ වෙමින්   ඡන්ද දිනය තුළ  සියලු කටයුතු නීත්‍යානුකූලව සිදුවන අයුරු අධීක්ෂණය කරන බවද පොලිස් මූලස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *