Skip to content
මැතිවරණය

ඡන්ද පෙට්ටිත් යවල ඉවරයි – මැකො

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව තේරීම්භාර නිලධාරීන් විසින් අදාළ ඡන්ද පෙට්ටි එළඹෙන 20 වෙනිදා ඡන්ද මධ්‍යස්ථාන සදහා නිකුත් කරනු ඇති.

ඡන්ද පත්‍රිකාව ප්‍රමාණයෙන් විශාල වීම හේතුවෙන් මෙවර ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝට් පෙට්ටි භාවිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය. ඒ අනුව ප්‍රමාණ 3කින් කාඩ්බෝඩ් පෙට්ටි නිර්මාණය කර ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් රාජ්‍ය නිලධාරීන්ට සියලු උපදෙස් නිකුත් කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ගන්නා ලෙසත් නියමිත දිනයේ දී රාජකාරී කටයුතු සිදුකරන ස්ථාන වෙත ගමන් කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2019-2020 LKReports.com