ඡන්දෙට ගමේ යන්න ලංගමෙන් අතිරේක බස්

ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අවශ්‍ය වුවහොත් දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බව සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය.

එහෙත් අතිරේක දුම්රිය සේවාවන් පැවැත්වීමට දැනට තීරණයක් නොමැති බව ත් වෙනදා සතියේ දිනවල හා සතිඅන්ත දිනවල මෙන් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.එමෙන් ම, අතිරේක දුම්රිය සේවාවන් පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් ඉල්ලීමක් නැති බව ත් ඉල්ලීම් කළ ද විශේෂ සේවාවන් පවත්වා ගෙන යෑමට ප්‍රමාණවත් අමතර දුම්රිය නොමැති බව ත් එම නිලධාරියා සඳහන් කළේ ය.

මෙයට අමතරව පෞද්ගලික බස් රථ සේවකයන් ඡන්දය දීමට යන බැවින් අමතර බස් රථ සේවා නොපැවැත්වෙන බව ත් කෙටි ගමන් සේවා සීමිත ප්‍රමාණයක් ධාවනය කෙරෙන බව ත් පෞද්ගලික බස්රථ සංගම් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *