ජනපති මාවෙයි හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නිවසේදී සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය.

තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා මහතා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

ජනාධිපතිවරයා එම නිවසට ගියේ මාවෙයි සේනාධිරාජා මහතා කළ පෞද්ගලික ආරාධනයකට අනුවයි.

ජනපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *